fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සිංගප්පූරු රැකියා අවස්ථා යළි විවර වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 09:20

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සිංගප්පූරු රැකියා අවස්ථා යළි විවර වෙයි

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියක් හේතුවෙන් නතර වී තිබූ ශ්‍රී ලාංකික හෙද හෙදියන් සිංගප්පූරු රැකියා කෝටාව යළි අරම්භ කර තිබෙනවා.

එහි පළමු කණ්ඩායම ලෙස හෙද හෙදියන් 36 ක් සිංගප්පූරුව වෙත පිටව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායම පිළිගැනීමේ උත්සවය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් රෝයල් හෝටලයේදී පසුගියදා පවත්වනු ලැබුවා.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන, එහි කම්කරු අංශයේ උපදේශක නිපුණ තිබ්බටුමුණුව යන අයගේ මැදිහත්වීමෙන් එම රැකියා කෝටාව යළි මෙලෙස හිමිව තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකික හෙද හෙදියන් දෙසිය දෙනකුට  (200) එරට රැකියා හිමිවන අතර ඉදිරි දිනවල සෙසු පිරිස එරටට ළඟාවීමට නියමිතව ඇත.

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්