කම්කරු නීති සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ලබාගැනීම ඇරඹෙයි
Related Articles
කම්කරුවා රැක ගනිමින් ක්‍රියාශීලී ශ්‍රම බලකායක් රට තුළ බිහි කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. පවතින කම්කරු නීති සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ලබාගැනීමේ සැසියට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.
කම්කරු නීති සංශෝධනය සදහා මහජන වෘත්තීය සමිති ව්‍යවසායකයින් සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව වලින් අදහස් ලබාගැනීම ආරම්භ කර තිබෙනවා.
කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් වැරදි මත සමාජගත නොකරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියා.
අවම වැටුප් ඉහළ නැංවීම සදහා රජය මේ වනවිටත් ක්‍රියාත්මක වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.