එක්ස්ප්‍රස් පර්ල් සිදු කළ පරිසර හානියට වන්දි ගෙවන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන 15 වනදා කැඳවයි
Related Articles
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදු වූ පරිසර හානිය පිළිබද විමර්ශනයක් සිදු කරන ලෙසත් අගතියට පත් වූවන්ට වන්දි ගෙවන ලෙසත් ඉල්ලා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නැයි ඉල්ලූ මෝසම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා.
පරිසර යුක්ති කේන්ද්‍රයයි එම මෝසම ගොණුකර තිබුණේ.
එය ලබන 15 වනදා කැදවීමට ද නියම කෙරුණා.
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලි ඇතුළු තුන් දෙනෙකුට එරෙහි නඩුව ජුලි 26 වනදා කැදවීමට නියම කෙරුණා.
එදින නඩු භාණ්ඩ සම්බන්ධයෙන් විමසීම් සිදු කිරීමට ද කොටුව මහේස්ත්‍රාත්වරයා නියම කළා.ඉසුරු බණ්ඩාර, කසුන් පෙරේරා සහ නල්ලයියා ජයමෝහන් යන අය මෙහි සෙසු සැකකරුවන් වනවා.