fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපෑලෙන් ආ පාර්සල්වල කුෂ්

hasiniek
By hasiniek මැයි 24, 2023 15:56

තැපෑලෙන් ආ පාර්සල්වල කුෂ්

තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475ක් සොයාගෙන තිබෙනවා.

එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන බවටයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ

පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත එලෙස පාර්සල් 10ක් පමණ එවා තිබුණා.

එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂා කිරීම්වලදී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 24, 2023 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්