fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හබරාදුවේ වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඇප ලබා සිටි අයෙක්

hasiniek
By hasiniek මැයි 24, 2023 15:50

හබරාදුවේ වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඇප ලබා සිටි අයෙක්

අද (24) උදෑසන හබරාදුව පොලිස් වසමේ උණවටුන, හීනටිගල ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා 2013 වර්ෂයේ හබරාදූව පොලිස් වසමේ හරුමල්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව මනූෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව පොලිසිය නිවේදනය කළා

තවද මොහු 2021 වසරේ උණවටුන ප්‍රදේශයේ සිදුවූ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වී ඇප මත සිටි අයෙකු බවට ද අනාවරණය වී තිබෙනවා.

අද උදැසන යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් පිස්තෝල අවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇතිබෙනවා

ඒ අනුව අද උදෑසන සිදුවූ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉහත සිද්ධි සහ මෙම සිද්ධිය අතර යම් සම්බන්ධතාවයක් පවතී ද යන්න අනාවරණය කරගැනීම සඳහා හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා

hasiniek
By hasiniek මැයි 24, 2023 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්