fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීමට විධිමත් වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 15:48

විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීමට විධිමත් වැඩපිළිවෙලක්

විශ්‍රාම ගන්නා සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රආරච්චි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී කැඳවූ අවස්ථාවේදි ය.

මෙහිදී සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුප් ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවට පත්වන බවයි.

නිවැරදි ආකාරයෙන් අදාළ අයදුම්පත් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම වැටුප් සැකසීම ප්‍රමාද වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළ අතර විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ කළකිරීමක් පවතින බව එහි සභාපතිවරයා පැවසීය.

කෙසේවෙතත්, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සලසන අයුරින් ක්‍රියා කරන ලෙස මෙහිදී සභාපතිවරයා නිළධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්