fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවට එරෙහිව යුද ජයග්‍රහනයක් ලබාගැනීමට යුක්රේනයට හැකියාවක් නැහැ – හංගේරියා අගමැති

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 15:33

රුසියාවට එරෙහිව යුද ජයග්‍රහනයක් ලබාගැනීමට යුක්රේනයට හැකියාවක් නැහැ – හංගේරියා අගමැති

රුසියාවට එරෙහිව යුද ජයග්‍රහනයක් ලබාගැනීමට යුක්රේනයට කිසිදු හැකියාවක් නොමැති බව හංගේරියා අග්‍රාමාත්‍යවරයා පවසනවා.

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන විශේෂ සමුළුවක් අමතමිනුයි හංගේරියා අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් මේ බව සදහන් කළේ. යුද්ධයකින් කිසිදු දිනක රුසියාව පරාජය කිරීමට යුක්රේනයට හැකියාවක් නොමැති බව ඔහු මෙහිදී කියාසිටියා.

මීට මාස 15කට පමණ පෙර රුසියාව යුක්රේනයේ ආරම්භ කළ යුද මෙහෙයුම් නවතාලීමට හැකියාව ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික් මැදිහත්වීමක් හරහා පමණක් බවයි හංගේරියා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

හංගේරියාව යුරෝපා සංගමය හා නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දැරුව ද රුසියාව සමග පවත්නා සබදතා අත්හිටුවීම ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් හංගේරියාව මධ්‍යස්ථ මතයක් දරනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්