රාහුල් ගාන්ධිගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 15:15

රාහුල් ගාන්ධිගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළට

රාහුල් ගාන්ධිගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව NDTV පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වනවිට වසර 9ක කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන අතර ඉන්දියාවේ ජනප්‍රියම පුද්ගලයා ලෙසයි ඔහුව සැලකෙන්නේ.

2019 වසරේ දී නරේන්ද්‍ර මෝදි සියයට 44ක ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටියද මෙම වසර වනවිට එය සියයට 43 දක්වා අඩුවී තිබෙනවා.

රාහුල් ගාන්ධි 2019 වසරේ දී සියයට 24ක ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි අතර මෙම වසරේදී එය සියයට 27ක් දක්වා වර්ධනය වී ඇති බවයි NDTV පුවත් සේවය සදහන් කරන්නේ.

ලබන වසර ඉන්දියාවේ මැතිවරණ වසරක් ලෙස හැදින්විය හැකි අතර ලෝක් සභා මැතිවරණ ඇතුළු මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 15:15