fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට කඳුකර කොටි ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 14:53

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට කඳුකර කොටි ප්‍රහාරයක්

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට තේ වත්තේ සැරිසැරු කඳුකර කොටියෙකු පහර දි තුවාල සිදු කිරිම නිසා තුවාලකරු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමේ පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට අද උදැසන 10.30 ට පමණ තේ වත්තේ රැඳී සිටි කඳුකර කොටියෙකු ප්‍රහාරය එල්ල කර කඳුකර කොටියා පලාගොස් ඇති බවයි බගවන්තලාව පොලීසිය කියා සිටියේ.

වතු කම්කරුවෙකුට පහර දුන් කඳුකර කොටියා රක්ෂිතයට පලවා හැරිමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දුන් බවද බගවන්තලාව පොලීසිය පැවසිය.

වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් එම වතු කම්කරුවන් සමඟ තේ වත්තට පැමිණෙන බවත්, එසේ පැමිණෙන සුනඛයන් ගොදුරු කර ගැනීම සඳහා තේ වත්තට පැමිණෙන කඳුකර කොටින් එම ගොදුර දඩයම් කිරීමට බාධ කරන ඕනැම අයෙකුට පහර දී තුවාල සිදු කර ගොදුර රැගෙන යන බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්