fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසල්රි ජලාශයට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 11:09

කාසල්රි ජලාශයට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කෙරේ

ජාතික විදුලි බල පද්ධතියට ජල විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට ප්‍රධාන ගංගා සහ ඇළ මාර්ග ඔස්සේ ප්‍රදේශවාසින් විසින් බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිමේ වැඩසටහනක් ඊයේ (24) කාසල්රි ජලාශයේදි සිදු කෙරුණා.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් , ආරක්ෂක අංශ නිලධාරින් , පොලිස් නිලධාරින් , කාසල්රි ජලාශයේ ධිවරයන් සහ කාසල්රි ජලාශය අවට පිහිටි සංචාරක හෝටල් හිමියන් සහ සේවක සේවිකාවන් එක්ව මෙම පරිසර වැඩසටහන දියත් කර තිබුණා.

කාසල්රි ජලාශය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනු සංචාරක ප්‍රදේශයක් වන අතර එම ජලාශයට විදේශිය සංචාරකයන් රැගත් දිය මත පාවෙන ගුවන් යානාගොඩ බස්සවනු ලබයි.

හැටන්ඔයෙන් සහ කෙසෙල්ගමුඔයෙන් දිනපතා කාසල්රි ජලාශයට විශාල වශයෙන් ප්ලාස්ටික් , පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ජලාශයට ගසාගෙන විත් ජලාශයේ තැන්පත් විම නිසා විශාල පරිසර හානියක් සිදු වි ඇති අතර පවත්නා තත්ත්වය මත කාසල්රි ජලාශයේ සුන්දරත්වයට දැඩි බලපැමක් සිදු වි තිබෙනවා.

ජලාශය පුරා ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය පාවිම හේතුවෙන් එම ජලාශයේ ධිවර කර්මාන්තයේ යෙදෙන ධිවරයන්ගේ මත්ස්‍ය දැල්වලට අලාභ හානි සිදු වි ඇති අතර එම ජලාශයේ වෙසෙන මත්ස්‍යයින්ට එම අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි බලපැමක් එල්ල වි තිබෙනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය සහ හැටන්ඔය අවට පදිංචිකරුවන්ට අපද්‍රව්‍ය ඔයට බැහැර නොකරන ලෙසට කොතෙක් දැනුවත් කලද ප්‍රදේශවාසින් විසින් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි කාසල්රි ජලාශය භාර ආරක්ෂක අංශ නිලධාරීන් කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්