JICA ප්‍රධාන නියෝජිත සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්
Related Articles
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (23) පැවැත්වුණා.
මෙහි දී ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වන්නේ.
විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අංශයේ යටිතල පහසුකම් සංවර්ධනයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) ලබා දුන් සහය වෙනුවෙන් අමාත්‍යවරයා ටෙට්සුයා යමඩා මහතා මහතාට ස්තූතිය පළ කර තිබෙනවා.
ස්ථාපිත කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයට ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සහාය සහ අරමුදල් සපයනවා.
ඉදිරි මාස 12 තුළ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ සංක්‍රාන්ති සැලැස්ම ක්‍රියාත්මක කිරීම ලේකම් කාර්යාලයට පැවරෙනවා.