fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙන්නායි සුපර් කිංග්ස් අවසන් මහා තරගයට

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 10:25

චෙන්නායි සුපර් කිංග්ස් අවසන් මහා තරගයට

ඉන්දීය ප්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ගුජරාට් ටයිසන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 15 කින් ජය ගනිමින්.

චෙන්නායි හි දී ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 157 ක් පමණයි.

දීපාක් චහල්, මහේෂ් තීක්ෂණ, රවීන්ද්‍ර ජඩේඩා හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ චෙන්නායි කණ්ඩායම ඉන්දීය ප්‍රමියර්ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 10:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්