පාසලට උචිත අයුරින් පැමිණෙන ලෙස සිසුන්ට අවවාද කළ ගුරුවරයෙකුට සිසුන් පහර දීලා
Related Articles
පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධියක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
මොවුන් ඊයේ(23) පාසලට පැමිණ අවස්ථාවේ විනය භර ආචාර්යවරයා පාසලට උචිත අයුරින් පැමිණෙන ලෙස සිසුන්ට අවවාද කර තිබෙනවා.
පසුව එදින පස්වරුවේ සිසුන් ගුරුවරයාගේ නිවසට ගොස් මෙලෙස පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධ තවත් සිසුන් පිරිසක් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.