ඉන්දියාවේ කැස්ස සිරප් වර්ග අපනයනයට පෙර තත්ත්ව සහතික ලබා ගැනීම අනිවාර්යයි
Related Articles
ඉන්දියාවේ නිෂ්පාදනය කරන කැස්ස සිරප් වර්ග අපනයනයට පෙර තත්ත්ව සහතික ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
ඉන්දීය රජය පැන වූ නව නීතිය ජුනි පළමුවනදා සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව කැස්ස සිරප් වර්ග නිෂ්පාදනය කරන සියලු සමාගම් තම නිෂ්පාදන අපනයනය කරන්නේ නම් ඒ සඳහා තත්ත්ව සහතික ලබාගත යුතු වනවා.
ගැම්බියාව, ඉන්දුනීසියාව, හා උස්බෙකිස්තානය යන රටවල දරුවන් රැසක් ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වර්ග පානය කිරීමෙන් අනතුරුව මිය යාම හේතුවෙනුයි නව නීති පනවා ඇත්තේ.
ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වර්ග මේ වන විට ලොව බොහෝ රටවල භාවිතය තහනම් කර තිබෙනවා.
එමෙන්ම ළමා මරණවලට හේතු වූ කැස්ස සිරප් නිෂ්පාදනය කළ සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමටද ඉන්දීය රජය පියවර ගත්තා.