නාඳුනන මළ සිරුරක් මහවැලි ගඟේ
Related Articles
මහවැලි ගඟේ කටුගස්තොට, මාවිල්මඩ ප්‍රදේශයේදී ඊයේ (23) උදෑසන පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් 119ට ලද තොරතුරක් මත කටුගස්තොට පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 50ත් 60ත් අතර පිරිමි පුද්ගලයකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
නිල් කොටු සහිත අත් කොට කමිසයක් සහ කළු බොටම් කලිසමක් හැඳ සිටින මරණකරුගේ මෘත ශරීරය මහනුවර මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය විසින් සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.