තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
Related Articles
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 12 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිමෙන් පසු ඇවිස්සුණු බඹරුන් එම ස්ථානයේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 08 දෙනෙකුට සහ වතු කම්කරුවන් 04 දෙනෙකු බඹරුන් පහර දි තිබෙනවා.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් හයදෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 06 දෙනෙකු පමණක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවා.