fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති අද ජපානයට

hasiniek
By hasiniek මැයි 24, 2023 09:23

ජනපති අද ජපානයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (24) ජපානය වෙත ළඟාවීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඊයේ (23) සිංගප්පූරුව වෙත පිටත්ව ගිය බවයි.

සිංගප්පූරුව වෙත ගිය ජනාධිපතිවරයා එහිදී එරට නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වා තිබෙනවා

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය වෙත පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයා අද සිට 27 වන දින දක්වා ජපානය තුළ රැඳීසිටින බවද සඳහන්.

ජපාන නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ

මේ අතර ජපාන නිල සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ද නියමිතයි.

hasiniek
By hasiniek මැයි 24, 2023 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්