එක් දින තරගාවලියක් සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
Related Articles
ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින තරග තුනකින් යුතු තරගාවලියක් සඳහා තරග කිරීමට ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මෙම තරග සියල්ල හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි පළමු එක් දින තරගය එළඹෙන 06/02 දින පැවැත්වීමට නියමිතයි.
ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක් දින ක්‍රිකට් තරගාවලිය මෙය වේ .
මෙම ක්‍රීඩකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණා.