ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව බී කාණ්ඩයට
Related Articles
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරගවලට එක්වන කණ්ඩායම් වර්ගීකරණය සහ තරග කාලසටහන් අද ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව බී කාණ්ඩය යටතේ තරග වදින අතර, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද එම කාණ්ඩයට ඇතුළත්.
බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය සහ ඇමරිකාව ඒ කාණ්ඩය යටතේ තරග වදිනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු සුදුසුකම් ලැබීමේ තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ජූනි 19 වනදා සිම්බාබ්වේ – බුලවායෝ හිදී පැවැත්වෙනවා.
මෙහිදී තෝරාගන්නා සුපිරි කණ්ඩායම් හය අතරින් අවසන් තරගයට පිවිසෙන කණ්ඩායම් දෙකට පමණයි ලෝක කුසලාන තරගාවලියට එක්වීමට වරම් ලැබෙන්නේ.