වීඩියෝ කරමින් ගහගත්ත සිසුන්ට ඇප
Related Articles
බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 5 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු එලෙස අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා
සැකකරා සිසුන්ව අද සවස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාසල් සිසුන් 5 දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කළ අතර සෑම මසකම අවසන් ඉරුදින 9ත් 12ත් අතර බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා නියෝගය කර තිබෙනවා.