ගයානාවේ පාසල් නේවාසිකාගාරයක හටගත් ගින්නකින් පාසල් ළමුන් 20 ජීවිතක්ෂයට
Related Articles
ගයානා රාජ්‍යයේ පාසල් නේවාසිකාගාරයක හටගත් ගින්නකින් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මධ්‍යම ගයානාවේ මාදියා නගරයේ පිහිටි කාන්තා පාසලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.
ගින්නෙන් තවත් ළමුන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද සඳහන්.
මධ්‍යම රාත්‍රීය ගත වී ටික වේලාවකට පසු ගින්න හටගෙන ඇති අතර මිය ගිය ළමුන් වයස අවුරුදු 12ත් 18ත් අතර පසුවනවා.
එය බිහිසුණු හා වේදනාත්මක සිද්ධියක් බවයි නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති ඉර්ෆාන් අලී පවසන්නේ.