fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය

hasiniek
By hasiniek මැයි 23, 2023 15:19

ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය

ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය සම්බන්ධයෙන් ජපානයෙන් වාර්තා වනවා.

ජපානයේ නිෂ්පාදිත මෙම අයිස්ක්‍රීම් එකක මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 6696ක් ලෙසයි.

ඉතාලියේ ඇල්බා ප්‍ර දේශයේ වගා කරන ට්‍රෆල්ස් ඇතුළු දුර්ලබ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන බව එම සමාගම පවසනවා.

ජපානයේ ඔසාකා හි ප්‍රධාන අවන්හලක සූපවේදියෙකු වන ටඩයෝෂි යමාදා / සෙලාටෝ සමාගම සදහා මෙම අයිස්ක්‍රීම් වර්ගය නිෂ්පාදනය කළා.

මෙම අයිස්ක්‍රීම් වර්ගය අන්තර් ජාලය ඔස්සේ ඇණවුම් කළ හැකි වන අතර එය ඇණවුම් කිරිමේ දී අතින් සාදන ලද ලෝහ හැන්දක් ලබාදීම ද විශේෂත්වයක්.

ලොව මිල අධිකම අයිස්ක්‍රීම් වර්ගය ලෙස මෙය ගිනස් වාර්තාවක් වන බවයි අයිස්ක්‍රීම් නිෂ්පාදන සමාගම පවසන්නේ.

hasiniek
By hasiniek මැයි 23, 2023 15:19

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්