ඉහළ වී අස්වැන්නක් ලබා ගන්න අලුත් විදිහක්
Related Articles
ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික සහ කාබනික පොහොර වර්ග දෙකම එකවර යෙදිය යුතු බව යුද හමුදා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
යුද හමුදා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡාවක් ඊයේ පැවැත්වුවා.
එහිදී එම මධ්‍යස්ථානයේ නිලධාරීන් ප්‍රකාශ කළේ වී අස්වැන්න මෙවර මෙට්‍රික් ටොන් 3.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කෘෂි සංවර්ධනය සදහා යුද හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සහාය ලබා දීමට ද මෙහිදී එකඟතාව පළකෙරුණා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහ මහතා සහ බ්‍රිගේඩියර් චන්දන පී අරංගල්ල මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.