fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙටා සමාගමට ඩොලර් බිලියන 1යි දශම 3ක දඩයක් ගෙවීමට නියම වෙයි

hasiniek
By hasiniek මැයි 23, 2023 14:57

මෙටා සමාගමට ඩොලර් බිලියන 1යි දශම 3ක දඩයක් ගෙවීමට නියම වෙයි

යුරෝපා සංගමය , මෙටා සමාගමට ඇමෙරිකා ඩොලර් බිලියන 1යි දශම 3ක දඩ මුදලක් ගෙවීමට නියම කර තිබෙනවා.

මෙටා සමාගමට අයත් යුරෝපා කලාපයේ ෆේස්බුක් සහ ඉන්සටර්ග්‍රෑම් පරීශ්‍රිලකයින්ගේ දත්ත ඇමෙරිකාවට ලබාදීම හේතුවෙනුයි මෙම දඩ මුදල නියම කර ඇත්තේ.

කෙසේ වුවද යුරෝපා සංගමය මෙම තීරණය වැරදි පුර්වාදර්ශයක් බවයි මෙටා සමාගම පවසන්නේ.

ගෝලීය විවෘත අන්තර්ජාල වැඩසටහන් යටතේ මෙවැනි දත්ත හුවමාරුවන් නිරන්තරයෙන් සිදුවන බවත් එලෙස හුවමාරු වන දත්ත මත පදනම්ව දහස් ගණනක් ව්‍යාපාර හා සංවිධාන තම ක්‍රියාකාරකම් සිදු කරන බව ද මෙටා සමාගම පෙන්වා දෙනවා.

යුරෝපා සංගමයේ තීරණයට එරෙහිව ඈපැලක් ඉදිරිපත් කරන බවයි මෙටා සමාගම පවසන්නේ. මේ ආකාරයටම 2021 වසරේ දී දත්ත ආරක්ෂා කිරිමේ නීතිය යටතේ යුරෝපා සංගමය ඇමසන් සමාගමට ඇමෙරිකා ඩොලර් මිලියන 807ක දඩ මුදල් නියම කළා.

hasiniek
By hasiniek මැයි 23, 2023 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්