fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් උත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා – කැබිනට් ප්‍රකාශක

ITN News Editor
By ITN News Editor මැයි 23, 2023 10:15

පොසොන් උත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා – කැබිනට් ප්‍රකාශක

පොසොන් උත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලය සහ අටමස්ථාන ආශ්‍රිත පූජා භූමියේ විශේෂ පොසොන් වැඩසටහනක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සියළු ආණ්ඩුකාරවරු ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

අනුරාධපුර පොසොන් කලාපය සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් මේ වන විටත් දිසාපතිවරයාට යවා ඇති බවට බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා කීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, රජය විසින් විශාල මූල්‍ය අර්බුද තිබියදී වුවද සාම්ප්‍රදායික උත්සව සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දුන්නා . මහින්දාගමනය හා ඒ හා බැඳුණු ආගාමික සංස්කෘතියක් තිබෙනවා. ඒ සඳහා රජය පුර්ණ අනුග්‍රහය දක්වනවා. පොසොන් උත්සවය සඳහා ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු පැහැදිළි කිරීමක් සිදු කරන බවද හෙතෙම පැවසීය.

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2023 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්