fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ආරම්භ කරන්නැයි උපදෙස්

ITN News Editor
By ITN News Editor මැයි 23, 2023 10:09

බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ආරම්භ කරන්නැයි උපදෙස්

බස්නාහිර මහ නගර සංවර්ධන සැළසුම කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා. අවසන් සමාලෝචනය සිදුකර මාස 3ක් තුළ ඉදිරි කටයුතු සිදුකරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන්නේ.

බස්නාහිර මහ නගර සංවර්ධන සැලසුම පිළිබද නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නා. බස්නාහිර මහ නගර සංවර්ධන සැලසුම සකස් කෙරුනේ 2016 වසරේදීයි. කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික් 3 සදහා සකස් කෙරුණු මෙම සැලසුම යටතේ ආර්ථික වාණිජ සංස්කෘතික සහ පාරිසරික වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇති. මෙම සංවර්ධන සැලැස්ම වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස යාවත්කාලීන කර කඩිනමින් එහි අවසන් සමාලෝචනය ලබන මාසයේ සිදුකරන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දුන්නා. මෙම සැලැස්ම යටතේ මීරිගම සහ හොරණ කර්මාන්ත නගර ලෙසත් මාලඹේ සහ හෝමාගම තාක්ෂන නගර ලෙසත් බදුරලිය සහ අවිස්සාවේල්ල වැවිලි නගර ලෙසත් සංවර්ධනය කෙරෙනවා. එමෙන්ම මීගමුව සහ වත්තල වෙරළබඩ සංචාරක නගර ලෙස සහ කටාන සහ කටුනායක ප්‍රවාහන සහ ගුවන් නගර ලෙස සංවර්ධනය කෙරෙනවා. කැස්බෑව සුඛෝපභෝගී නිවාස නගරය ලෙස සහ මුතුරාජවෙල පරිසර කලාප නගරය ලෙස සංවර්ධනය කෙරෙන අතර කොළඹ වාණිජ නගරය ලෙසත් ශ්‍රී ජයවර්ධන පුර පරිපාලන නගරය ලෙසත් සංවර්ධනය කිරීම සැලසුම වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2023 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්