fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා දැමේ

hasiniek
By hasiniek මැයි 22, 2023 17:43

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා දැමේ

2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වන පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

තවද රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව 2023. 05. 31 වන දින සිට 2023. 06. 06 වන දින දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත්කොට ඇති පොසොන් සතිය තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලූම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් එම දිනයන් හිදී වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම දිනයන්හි දී සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

hasiniek
By hasiniek මැයි 22, 2023 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්