ජෛවමිතික පද්ධතියක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පවසනවා.
ඒ අනුව ජනතාවට අපහසුතාවයකින් තොරව ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ හැකියාව ඉදිරියේ දී උදා වනවා.
පුද්ගලයෙකු නිවැරදිව හඳුනාගැනීමට ඔහුගේ ඇඟිලි සලකුණු වැනි තොරතුරු ඇතුලත් ජාතික දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.
පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලියේ දී ජනතාවට ඇතිවන අපහසුතා අවම කරමින් නිවැරදි දත්ත සහිත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.