බස්නාහිර සමූපකාර ප්‍රඥප්තිය ශක්තිමත් කිරිමේ කෙටුම්පත කඩිනම් කරන්න – අගමැති
Related Articles
බස්නාහිර සමූපකාර ප්‍රඥප්තිය ශක්තිමත් කිරිමේ කෙටුම්පත කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
සමූපකාර සමිති මුහුණ දී ඇති ගැටලු සහ ඒවාට කඩිනම් විසදුම් ලබාදිම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදි මෙම උපදෙස් ලබාදුන්නේ.
සමූපකාර සමිති කඩා වැටෙන විට ඒවා ගොඩ නැගීම සදහා නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන එම දේපළ වෙන්දේසි කිරීමට කටයුතු කිරිම සාධාරණ දැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදි විමසා සිටියා.
රටේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් ඊට අනුකූලව කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.