fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් – බුද්ධි අංශ තහවුරු කරයි

hasiniek
By hasiniek මැයි 22, 2023 16:46

ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් – බුද්ධි අංශ තහවුරු කරයි

ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට බුද්ධි අංශ තහවුරු කරගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පොහොර මිලදී ගැනීම සදහා ගොවීන්ට සහනාධාර වව්චරපත් නිකුත්කිරීමේ ආරම්භක උත්සවය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන්කළේ.

එක් ගොවියෙකුට හෙක්ටාරයකට රුපියල් විසිදහසක වව්චරයක් ලබා දීමයි සිදු කෙරෙන්නේ.

පොහොර සහනාධාරය සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 10ක්. යල කන්නයේ වී වගාකරන ගොවීන් හයලක්ෂ පනස් දහසකට පමණ රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සදහායි මෙම වව්චරපත් ලබා දෙන්නේ.

වව්චරපත් නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

කුමන්ත්‍රණවලට හසු නොවී වගා කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් ද කළා.

hasiniek
By hasiniek මැයි 22, 2023 16:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්