ඇමති ටිරාන් ගේ ජීවිතය අනතුරේ ?
Related Articles
තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා
මෙම තනතුර භාර ගෙන ඇත්තේ වැඩ කිරීමට බවත් , මෙම තනතුරේ සිටින තුරු මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය නැති කර දැමීම සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියා .
“මට බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට, මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න නේ. දැන් මම මෙතැන ඉන්නකල් මත්ද්‍රව්‍ය අල්ලන එක පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ. ඒ හින්දා එහෙම තියෙයි. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න. එහෙම තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ. එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ…”