යුද්ධය පාදක කරගනිමින් නිම වුණු සිතුවම්
Related Articles
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු යුද්ධය පාදක කරගනිමින් සිතුවම් කරන ලද නිර්මාණ ඇතුළත් ඒකපුද්ගල චිත්‍ර ප්‍රසංගයක් නාපෝලි නගරයේදී මේ දිනවල පැවැත්වෙනවා.
නොමියෙන මතකයන් ලෙස නම්කර ඇති මෙම සිතුවම් ප්‍රදර්ශනයට යුද්ධයේ බිහිසුනු මෙන්ම සංවේදී අවස්ථා හා පශ්චාත් යුද අවස්ථා ඇතුළු සිතුවම් 80ක් ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.
මාරවිල කොස්වාඩිය පදිංචිකරුවෙකු වූ සෙනෙවිරත්න දසනායක මහතාගේ කුළුදුල් නිර්මාණ එකතුව වන මෙය ඉතාලියේ සෑම නගරයකම ප්‍රදර්ශනය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
එමෙන්ම ජර්මනිය/ ප්‍රංශය/ කැනඩාව හා ශ්‍රී ලංකාව යන රටවල ප්‍රදර්ශනය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මින් ලැබෙන සියලු මුදල් රණවිරු පවුල්වල සුබ සාධනය සදහා යෙදවීමටයි නිර්මාණකරු තීරණය කර ඇත්තේ.
නාපෝලි නගරයේ ගෞතම විහාරයේ විහාරාධිපති පූජ්‍ය කරවිටාගාරයේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයද අන්‍යාගමික නායකයින් ද ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.