ග්‍රීසියේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස්ගේ කන්සර්වෙටිව් පක්ෂය ඉදිරියෙන් පසුවනවා.
ග්‍රීසියේ පවත්නා දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මෙය දැවැන්ත ජයග්රහනයක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් හඳුන්වන්නේ.
අග්‍රාමාත්‍යවරයාගේ කන්සර්වෙටිව් පක්ෂය 41% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර බහුතරය සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් ආසන 5ක් පමණයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිවාදියාට ලබා ගැනීමට හැකිව ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට තවත් වසර 4ක කාලයක් එරට පාලන බලය හිමිවනු ඇති.