fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභ්‍යවකාශ ගත පළමු අරාබි කත

ITN News Editor
By ITN News Editor මැයි 22, 2023 10:46

අභ්‍යවකාශ ගත පළමු අරාබි කත

අභ්‍යවකාශ ගත වන පළමු අරාබි ජාතික කාන්තාව ලෙස රයානා බර්නාවි ඉතිහාසයට එක්වුණා. ඒ ඇය ස්පේස් එක්ස් වැඩසටහනට ඊයේ සම්බන්ධවීමත් සමගයි.

ස්පේස් එක්ස් වැඩසටහන යටතේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා ෆැල්කන් 9 රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම ඊයේ පස්වරුවේ ඇමෙරිකාවේ දී සිදුවුණා. කේප් කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගමන් ආරම්භ කලේ ඊයේ පස්වරු 5.37ටයි. සවුදි අරාබි ජාතික කාන්තාවක් වන රයානා,  වෘත්තීයෙන් පියයුරු පිළිකා සම්බන්ධ පර්යේෂිකාවක්. ඇයට අමතරව සවුදි අරාබි ජාතික ගුවන් නියමු අලී අල්කරානි,  නාසා ගගනගාමී පෙගී විට්සන් හා ව්‍යාපාරිකයෙකු වන ජෝන් ෂොෆ්නර් මෙම අභ්‍යවකාශ චාරිකාවට එක්ව සිටිනවා. ඔවුන්ගේ ගමනාන්තය වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2023 10:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්