බක්මුත් හි බලය තවමත් තමන් අතේ – යුක්රේනය කියයි
Related Articles
රුසියාව පවසන පරිදි බක්මුත් හි බලය ඔවුන් අල්ලා ගෙන නොමැති බව යුක්රේන ජනාධිපති වෝල්දෝමීර් සෙලෙන්ස්කි පවසනවා.
ජපානයේ හිරෝෂිමා නුවර පැවැත්වෙන ජී 7 සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුර මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. රුසියාවේ රුසියා හමුදා පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ ඔවුන් බක්මුත් හි බලය තමන් සතු කරගත් බවයි. කෙසේ වෙතත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ රුසියා ප්‍රහාර හේතුවෙන් බක්මුත් නගරය ද තවත් හිරෝෂිමාවක් බවට පත්ව ඇති බවයි. මේ පිළිබද ජී 7 නායකයන් අවධානය යොමු කළ යුතුව ඇති බව ඔහු ප්‍රකාශ කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් සමුළුවට එක්ව සිටි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කලේ යුක්රේනයට තවදුරටත් ආධාර කිරීමට ලෝක නායකයන්ට එක්වන ලෙසයි.