නුවරඑළියේ පුද්ගලයෙකු අතුරුදහන්
Related Articles
නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ගාඩ් වත්ත රක්ෂිතයට දර සෙවීමට ගිය පුද්ගලයෙක් අතුරුදන් වී තිබෙනවා.
එම පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.
එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 49ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.