fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ ආගමික විෂයට දහම් පාසලෙන් ලැබෙන ලකුණු 40

ITN News Editor
By ITN News Editor මැයි 21, 2023 20:08

සාමාන්‍ය පෙළ ආගමික විෂයට දහම් පාසලෙන් ලැබෙන ලකුණු 40

සාරධර්ම සපිරි, ගුණගරුක දරු පරපුරක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් සියලු ආගම්වලට අදාළ ආගමික විෂය නිර්දේශය සංශෝධනය කර එහි අත්හදා බැලීම් ලබන වසරේදී සිදුකිරීමට අවධානය යොමුව ඇතිබව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී පාසලේ ආගමික විෂය ධාරාවට න්‍යායාත්මක කොටස ඇතුළත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ප්‍රායෝගික කොටස දහම් පාසල් විෂය ධාරාවට එකතු කිරීමට නියමිතයි.

මෙහිදී දහම් පාසල් ආගමික විෂය එම අමාත්‍යංශය සදහන් කරන්නේ, නිර්දේශයන්ද සංශෝධනය කිරීමට නියමිත බවයි.

අදාළ සංශෝධන ලබන 2030 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුල්වරට හඳුන්වාදීමටද නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

මෙහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී ආගමික විෂයට ලකුණු ලබාදීමේදී 60%ක් පාසල් අධ්‍යාපනය තුළ ආවරණය වන න්‍යායාත්මක කරුණු තුළින්ද, 40%ක් දහම් පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන ප්‍රායෝගික අධ්‍යාපනයට අදාළ කරුණු ආවරණය වන පරිදි ලකුණු ලබාදීමට නියමිත බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

ITN News Editor
By ITN News Editor මැයි 21, 2023 20:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්