ජෙරම් කටුනායකට එන දවස ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන්
Related Articles
ආගමික සංහිදියාවට බලපෑම් එල්ල කිරීමේ ප්‍රකාශ සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දිනයේ දිවයිනට පැමිණෙන බවට වාර්තා වුවද ඒ පිළිබද මේ වනතෙක් නිල තොරතුරක් ලැබී නැති බව පොලීසිය පවසනවා.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විවිධ ස්ථානවල සම්මන්ත්‍රණ පවත්වමින් බුදුන් වහන්නසේට මෙන්ම වෙනත් ආගම්වලට නිගරුවන අන්දමින් ප්‍රකාශ නිකුත් කර තිබුණා. ඊට එරෙහි වූ විවිධ පාර්ශ්ව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි. එමෙන්ම ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා. ඔහු අද දිනයේ කටුණායක මිරකල් ඩෝම් ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ දේව මෙහෙය අවලංගු කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර තිබෙන්නේ මෙම දේවමෙහෙය වෙනත් ස්ථානයක සූම් තාක්ෂණය යොදා ගනිමින් පවත්වන බවයි. ඒ සදහා එක්වන ලෙසද ඔහු දැනුම් දී තිබෙනවා.
මේ අතර කටුනායක මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට අද පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යොදවා තිබූ ආකාරය දක්නට ලැබුණා. ජෙරම් ප්‍රනාන්දු මීට පෙර ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සදහන් කර තිබුණේ අද දිනයේ දිවයිනට පැමිණෙන බවයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල තොරතුරක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.