තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
බොරැල්ල කාදර් නාන වත්තේ කළ වැටලීමකින් තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම කළ මෙම වැටලීමේ දී අපරාධ රැසකට සම්බන්ධ නාන වත්තේ මල්ලියා නමැති අනිවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා ඇතුළු පිරිසකුයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔවුන් ළග තිබී කඩු 6ක්, කිනිස්සක් මෙන්ම හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ද පොලීසිය සොයා ගත්තා. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 30ක් හා පොලිස් නිලධාරීන් 40 දෙනෙකුගේ සහභාගීත්වයෙනුයි වැටලීම සිදුකළේ.