මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්
Related Articles
මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කරන රියදුරන් සොයා විශේෂ පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එවැනි මෙහෙයුමක් වැල්ලම්පිටිය ප්‍ර දේශයේදී ක්‍රියාවට නැංවුනා.
වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් ඊයේ රාත්‍රි යේ සිට අද අලුයම දක්වා විශේෂ මෙහෙයුමක් ක්‍රියාවට නැංවුයේ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන රියදුරන් කොටු කර ගැනීම සදහායි එහිදී රියදුරන් තුන්දෙනෙකු බස්රථ සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා.
විෂ මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීමේ උපකරණ කට්ටල යොදා ගනිමිනුයි මෙම පරික්ෂාව සිදුකළේ.
මේ අතර ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙවැනි පරික්ෂාවන් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි.