fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි – සෞඛ්‍ය අංශ

hasiniek
By hasiniek මැයි 21, 2023 11:02

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි – සෞඛ්‍ය අංශ

ඩෙංගු ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයත් සමග ඉදිරියේ දි අධි වසංගත තත්ත්වයක් දක්වා එය වර්ධනය විය හැකි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ දිනේෂ් කොග්ගලගේ මහතා පවසනවා.

ඩෙංගු අවදානම සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

මේ වසරේ අද වන විට මෙරටින් ඩෙංගු රෝගීන් තිස් පන්දහස් හයසිය හැත්ත පස් දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 17653 දෙනෙකු වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙන්.

බස්නාහිර පළාතේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 8035 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 7465 සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2153 වාර්තා තිබෙනවා.

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1459 ක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 1511 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2488 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 14ක් හදුනාගෙන තිබෙනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ද ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 14ක් හදුනාගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය සහ උප්පවේලි/ මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව මෙන්ම නුවර දිස්ත්‍රික්කයේ මහනුවර පූජාපිටිය / කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ කෑගල්ල යන ප්‍රදේශ ද ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම්කර තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 21, 2023 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්