fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩා මහ කොමසාරිස්වරයාට අලි සබ්රි මහතාගෙන් කැඳවීමක්

hasiniek
By hasiniek මැයි 21, 2023 10:36

කැනඩා මහ කොමසාරිස්වරයාට අලි සබ්රි මහතාගෙන් කැඳවීමක්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ විසින් සිදුකළ ජන සංහාරය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණෙන ලෙස කැනඩා මහ කොමසාරිස්වරයාට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමසීම සදහා කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ අමාත්‍ය අලි සබ්රි මහතායි.

එහිදී කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ දෙමළ ජන සංහාරයක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මුලුමනින්ම හෙලාදකින අතර එය ප්‍රතික්ෂේප කරන බවයි අලි සබ්රි මහතා අවධාරණය කර තිබෙන්නේ.

දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක බවත් එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳ හා සිදුකළ ප්‍රකාශයක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් පුරා සිදුකළ යුද ගැටුම් මධ්‍යයේ සිදුවූ බව කියන ජන සංහාරය පිළිබඳ ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද අලි සබ්රි මහතා මෙහිදී දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා රජය ආර්ථික ස්ථාවරත්වය / සාමය සහ ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම සදහා කටයුතු කරමින් සිටින මෙම සුවිශේෂී අවස්ථාවේ දී කැනඩා අග්‍රාමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් දෙකඩවීමේ අවදානමක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

මෙම ජන සංහාරය ශ්‍රී ලංකාව සිදුකළ බවට පළවන අත්තනෝමතික සහ සාවද්‍ය චෝදනා මෙහෙයවනු ලබන්නේ ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යායපත්‍රයක් සහිත දේශපාලනික වශයෙන් පොළඹවන ශ්‍රී ලංකා විරෝධී සුලුතරයක් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඒ හේතුවෙන් කැනඩාවේ දීර්ඝකාලීන ද්වීපාර්ශ්වික හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාවට කැනඩා රජයේ සහයෝගය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කැනඩා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා.

hasiniek
By hasiniek මැයි 21, 2023 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්