යතුරු පැදිකරුවෙක් පරීක්ෂා කිරීමට යාමේදී අලවංගුවකින් කොස්තාපල්ගේ හිසට පහර දීලා
Related Articles
බුත්තල ජල සම්පාදන මණ්ඩලය අසලදී සැකකටයුතු යතුරුපැදිකරුවෙකු නවතා පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ අලවංගුවකින් පොලිස් කොස්තාපල්වරයෙකුගේ හිසට පහර දී තිබෙනවා
කෙසේවෙතත් රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ සැකකරු මෙල්ල කර ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
පොලිස් කොස්තාපල්වරයා පැළඳ සිටි හිස් ආවරණය බිඳී ගොස් තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කර තිබෙනවා.
එම සැකකරු 20 වන දින උදෑසන වෙළඳසලක් කොල්ල කා පැමිණෙමින් සිටියදීයි මෙලෙස පරික්ෂාවට ලක් කර ඇත්තේ.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 රැඳවුම් නියෝග ලබා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවද පොලිසිය ප්‍රකාශ කළා