විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර
Related Articles
විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාළ පත්වීම් කඩිනමින් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පාසල් පද්ධතියේ කාලීන තත්ත්වය පිළිබඳ සලකා බැලීම සඳහා ඊයේ (20) අදාළ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාප අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.
ඒ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් හා විභාග කොමසාරිස්වරයා මෙන්ම විද්‍යාපීඨ කොමසාරිස්වරයා සහ ප්‍රකාශන කොමසාරිස්වරයා ඇතුළු සියලූ ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගී වී තිබෙනවා
ලබන වසරේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට විභාග කාල සටහන යාවත්කාලීන කිරීමට බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදු කළ බව සඳහන්
එමෙන්ම පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කර ඇති අතර ඉදිරියටත් එම පෝෂණ වැඩසටහන අඛණ්ඩ ව සිදු කරගෙන යන බව ද මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා
මීට අමතරව ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද පුළුල් අවධානයක් යොමු කෙරුණා.
ඒ අනුව ලබන 29 වැනිදා සිට ජූනි 08 දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන 3568ක් සහිත පාසල් පරිශ්‍රයන්හි මදුරු පාලන ධූමායන කටයුතු සිදු කෙරෙනවා.