fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති මහනුවර රදගුරු හිමිපාණන් බැහැදකියි

ITN News Editor
By ITN News Editor මැයි 20, 2023 19:51

ජනපති මහනුවර රදගුරු හිමිපාණන් බැහැදකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මහනුවර රදගුරු නිවස වෙත ගොස් රදගුරු ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් බැහැදුටුවේය.

රදගුරු වෙලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා කෙටි සාකච්ඡාවකට ද එක්විය.

නිවාස ගැටලුව ඇතුළු වතුකරයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කෙරිණි.

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදි රදගුරු හිමිපාණන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් එම අවස්ථාවේදීම රදගුරු හිමිපාණන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධීකරණය කරමින් ඇතැම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කළේය.

එසේම නුවරඑළිය ඇතුළු වතුකරයේ මාර්ග පද්ධතිය නිසි ලෙස සකස් නොවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන් කළ රදගුරු හිමිපාණන් එම මාර්ග පද්ධතිය සංවර්ධන කර දෙන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

රදගුරු වසමේ පියතුමන්ලා සහ අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, සනත් නිශාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ. ගමගේ, හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ITN News Editor
By ITN News Editor මැයි 20, 2023 19:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්