පැසිෆික් සාගරයේ භූ කම්පනයක්
Related Articles
පැසිපික් සාගරයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඒත් සමග රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා.
කැලිඩෝනියානු දූපත් ආසන්නයේ රිච්ටර් පරිමාණ ඒකක 7.1 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් සුනාමියක් ඇතිවිය හැකි බවයි පැසිෆික් දූපත්වලට දැනුම් දී තිබෙන්නේ.
ෆීජි, වනවාටු, වොලිෆ් සහ ෆුටුනා යන දූපත්වලට සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකියි. එම භූ කම්පනයෙන් පසු රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම හතක භූ කම්පනයක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.