fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භාවිතා නොකර අක්‍රීයව ඇති Google ගිණුම් ඉවත් කිරීමට ගූගල් සමාගම තීරණය කරයි

ITN News Editor
By ITN News Editor මැයි 20, 2023 06:45

භාවිතා නොකර අක්‍රීයව ඇති Google ගිණුම් ඉවත් කිරීමට ගූගල් සමාගම තීරණය කරයි

වසර දෙකකට වැඩි කාලයක් භාවිතා නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කිරීමට ගූගල් සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව එම සමාගම තීරණය කර ඇත්තේ, අක්‍රිය කිරීමේ ප්‍රතිපත්ති මාලාව යාවත්කාලීන කිරීමටයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සමාගම කියා සිටියේ, මෙය මැයි 16 වැනි දා සිට බලපැවැත්වෙන බවත් දෙසැම්බර් මාසයේ සිට අක්‍රිය ගිණුම් ඉවත් කිරීමට කටයුතු ආරම්භ කරන බවත් ය.

ඉන් අනතුරුව එම ගිණුමට සම්බන්ධ Gmail, Docs, Drive, Meet, Calendar, ‍YouTube සහ Google Photos වැනි සේවාවන් ද අක්‍රිය වන අතර එම ගිණුම් මකා දැමීමට පෙර දැනුම්වත් කිරීම් කිහිපයක් ද එම ආයතනය විසින් සිදු කරනු ලබයි.

මේ අතර, ඒ සඳහා ද නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළහොත් ගිණුම මකා දැමෙනු ඇත.

කෙසේවෙතත්, වසර දෙකක් අක්‍රියව පැවති ගූගල් ගිණුමට එක් වරක් ‘Sign-In’ වීමෙන් එම ගිණුම ඉවත් කිරීම වැළැක්වීමට පුලුවන.

මීට අමතරව Google Account එකේ සක්‍රීය භාවය පවත්වා ගැනීමට පහත දේවල් සිදුකල හැකිය.ඒ,

– ඊ මේල් යැවීම / කියවීම.

– Google Drive භාවිතය.

– YouTube භාවිතය.

– Google Play Store භාවිතය.

– Google Search භාවිතය.

– තෙවන පාර්ශවිය App හෝ Service භාවිතය.

යනාදියයි.

ITN News Editor
By ITN News Editor මැයි 20, 2023 06:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්