fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රතු දත්ත පොතට ඇතුළත් වූ පැල වර්ග නැවත රෝපණය කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 17:48

රතු දත්ත පොතට ඇතුළත් වූ පැල වර්ග නැවත රෝපණය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාවට  ආවේණික ශාක විශේෂවලින් වදවී යාමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතට ඇතුළත් වූ පැල  විශේෂ නැවත රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකාවට ආවේණික පැල  විශේෂ 863 ක් පවතිනවා. එයින් පැල  විශේෂ 625ක් රතු දත්ත පොතට ඇතුළත්.

එසේ වදවී යන පැල යළි රෝපණය  කිරීමේ ව්‍යාපෘතියක් මෙත් බෝ සෙවන නිර්මාතෘ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කෙරුණා.

මෙත් බෝ සෙවන පදනම, අයි යූ එස් එච් විශ්වවිද්‍යාලය හා ඩී පී එඩියුකේෂන් ආයතනය හා එක්ව මෙය ආරම්භ කළා.

මේ යටතේ පැළ මිලියන 10ක් රෝපණය කිරීමට නියමිතයි. ගාල්ල තිත්තගල්ල අයි යූ එස් එච් විශ්වවිද්‍යාලය අක්කර 4ක භූමි භාගයක පැළ 2000ක් රෝපණය කිරීමෙන් වැඩසටහන ආරම්භ වුණා.

පැලසිටුවීමේ අවස්ථාවට කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් එක්වුණා.

මෙම ව්‍යපෘතිය ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඒ සදහා අවශ්‍ය ඉඩම් මේ වන විටත් හදුනාගෙන ඇති බව පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසුවා.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 17:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්