ජොන්ස්ටන් ඇතුළු 3 දෙනෙකු චෝදනාවලින් නිදොස් කොට නිදහස්
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළා.
වෙළෙද අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස සේවකයන් දේශපාලන කටයුතුවල යෙද වූ බවටයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ.
අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණා. විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් විනිසුරුවරයා ඔවුන් අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළා.
මෙහි සෙසු විත්තිකරුවන් වූයේ සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයයි.