fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අති පූජ්‍ය දොඩම්පහල චන්දසිරි හිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 12:57

අති පූජ්‍ය දොඩම්පහල චන්දසිරි හිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අපවත් වී වදාල අති පූජ්‍ය දොඩම්පහල චන්දසිරි ස්වාමින් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටිනවා.

උන්වහන්සේ  අපවත්වන විට 84 වන වියේ පසුවුණා.

1939 වසරේ දෙසැම්බර් 20 වනදා දොඩම්පහල ග්‍රාමයේ උපත ලැබු උන්වහන්සේ උපත ලැබුවා.

එමෙන්ම කුඩාවැල්ල වාළුකාරාමයේ දී පූජ්‍ය දොඩම්පහල චන්දසිරි නමින් සසුනට ඇතුලත් වුනේ 1950 වසරේදියි.

1962 වසරේ උපසම්පදානය ලැබු උන්වහන්සේ වනවාසි සම්ප්‍රධාය හා විදර්ශනා භාවනාවේ ප්‍රායෝගිකව නියැලෙමින් එම ප්‍රතතිපත්තීන් අනුගමනය කිරීමට මුල්ලේරියාව කලපළුවාවේ ගෝතම තපෝවන භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට දායකත්වය ලබාදුන්නා.

පූජ්‍ය දොඩම්පහල චන්දසිරි ස්වාමින් වහන්සේ ප්‍රධාන තපෝවන ශාඛා මධ්‍යස්ථාන 6ක අධිපතීත්වය හා දිස්ත්‍රික් කිහිපයක නිකායික විහාරස්ථාන පහක අධිපතීත්වය දරමින් සිය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මෙහෙයවමින් දේශිය මෙන්ම විදේශීය වශයෙන් ඉමහත් ශාසනික මෙහෙයක් ඉටුකළා.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බොහෝ පිරිසක් එක්ව සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වුවා.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරස්ථානයට පැමිණ අවසන් ගෞරව දැක්වීමට එක්වුණා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද අපවත් වී වදාළ අති පූජ්‍ය දොඩම්පහල චන්දසිරි ස්වාමින් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්